Friday, February 2, 2018

බෝගන්විලා වගාව BOGANWILA

බෝගන්විලා වගාව

වටපිටාවේ ඕන තරම් මල් වර්ග තිබෙනවා. හැම මල් වර්ගයක්ම අතරින් බෝගන්විලා විශේෂයි කියලා ඔබට හැඟෙනවා. බෝගන්විලා මලට තියෙන ආවේණික ලක්ෂණ නිසා. නිසාම ගෙවත්ත අලංකාර කරගන්න සාරවත් බෝගන්විලා වගාවක් පවත්ව ගන්නේ කෙහොමද කියල අද අපි කතා කරමු.



විවිධ වර්ගවල බෝගන්විලා අවට පරිසරයේ තිබෙනවා. ආවේණික බෝගන්විලා වර්ග මෙන්ම ආනයනික බෝගන්විලා වර්ගත් අතර ඇත. ජාන තාක්ෂණයන් බිහිකළ ද්වි වර්ණ බෝගන්විලා, විචිත් මණිපත් සහි බෝගන්විලා සහ කටු රහිත බෝගන්විලා වර්ග ආදී නව බෝගන්විලා ප්රභේද වෙළෙඳපොළේ දැකිය හැකිය.



සිටුවීම


පුංචි ඉඩක පවා බෝගන්විලා සාර්ථකව වගාකළ හැකිය. හොඳින් මල් හටගත් බෝගන්විලා ශාකයකින් තියුණු පිහියකින් හෝ කතුරකින් අඟල් 8ත් අඟල් 12 අතු කොටසක් කපා වෙන්කොට ගන්න. පස් කොටස් එකක් වැලි කොටස් එකක්, කොහුබත් කොටස් එකක් එකට මිශ් කරගනිමින් වගා මාධ් සකසා ගන්න. පෝච්චියක් ගෙන එහි පතුලට උළුකැට කැබැල්ලක් තබන්න. නමුත් මේ උළුකැට කැබැල්ල රැඳවීමේදී ජලය බැස යන අයුරින් තැබීම වඩාත් සුදුසුයි. ඉන්පසු වගා මාධ් පෝච්චිය තුළට දමා අතු කැබැල්ල සිටුවා ගන්න.



පොමසොල්පේට් හෝ හෝමායි වැනි පාංශූ දිලීර නාශකයක් වතුර ලීටර් 9කට පිරවූ තේ හැඳි 2 ලෙසින් දියකොට ගෙන සිටුවූ අතු කැබැල්ල සහ වගා මාධ් තෙමීයන අයුරින් ඉසින්න.



මල් පරවූ ශාක අතු


සිටුවා ගැනීම සඳහා අතු කැබැල්ලක් තෝරා ගැනීමේදී හොඳින් මල් පිපී ඒවා සියල්ල පරවූ පසු එම ශාකයෙන් අතු කැබැල්ල වෙන්කර ගැනීම වඩාත් යෝග්යයි. මල් පිපී පරවූ අතු පැළ වීමේ ප්රතිශතය ඉතා ඉහළ අගයක් ගන්නා බැවින් මල් පිපී පරවූ ශාක අතු සෑම විටම සිටුවීම සඳහා තෝරාගන්න. අතු කැබැල්ල සිටුවීමට පෙර එහි පහළ කොටසේ සියලු කොළ ඉවත් කිරීමට මතක තබා ගන්න.



කොම්පෝස්ට් වගා මාධ්


බෝගන්විලා සිටුවීමේදී කොම්පෝස්ට් වගා මාධ්යයට එකතු කර නොගැනීමට කල්පනාකාරී වන්න. කොම්පෝස්ට් පොහොර තුළ දිලීර වර්ග හෝ පුස් වර්ග පැවැතිය හැකි නිසා එය බෝගන්විලා ශාකයේ වැඩීමට බාධාවක් විය හැකියි. සිටුවාගත් බෝගන්විලා අතු කැබැල්ල දින පහක් පමණ සෙවණ සහිත ස්ථානයක තබා පසුව එය ඔබට අවශ් ඕනෑම ස්ථානයක තබන්න. බෝගන්විලා ශාකයේ වැඩීමට හිරුඑළිය හොඳින්ම අවශ් නිසා හොඳින් හිරුඑළිය වැටෙන ස්ථානයක බෝගන්විලා ශාකය තබන්න. සිටුවා ගත් විගසම බෝගන්විලා අතු කැබැල්ල සහිත බඳුන ර්ථීපධනචඨචබඥප එකක් තුළ දින කිහිපයක් තැබිය හැකි නම් පැළවීමේ ප්රතිශතය 100%කි.



බඳුන් ගත ක්රමය


බෝගන්විලා වගාව වඩාත් සුදුසු ක්රමය වන්නේ බඳුන් ගත ක්රමයයි. මේ නිසා කුඩා ඉඩක වුවද එම නිසා පහසුවෙන් වගාකළ හැකිය. බෝගන්විලා බිම සිටුවීමේදී විශාල ඉඩ පරාසයක් අවශ් වේ. මෙන්ම විශාල පරාසයක් පුරා මල් පැතිරයා හැකිය. පස් කොටස් තුනක්, වැලි කොටස් එකක්, කොම්පෝස්ට් 

ආරුක්කු වැඩීයන පරිදි විනිවිද පෙනෙන පොලිතින් එකකින් ආවරණය කරගන්න.

මෙම උපකරණය හොඳින් සෙවණ සහිත ශාකයක්  යට සකස් කර ගැනීමට උත්සුක වන්න.



එසේත් නැත්නම් මෙය සවිකොට ගත් තැනට ඉහළින් සෙවන දැල් කැබැල්ලක් රඳවන්න.







උපුටා ගැනීම tharunaya.us

පිටපත  NISANKA D PERERA