Wednesday, February 7, 2018

ඇන්තුරියම් පැල බෝ කරගන්න හරි ලේසියි .....ඇන්තූරියම් ප්‍රචාරණ ක්‍රමය

                                       ඇන්තූරියම් ප්රචාරණය                
ඇන්තූරියම් ප්රචාරණය ලිංගික ක්රම හෝ අලිංගික ක්රම මගින් සිදු කළ හැකිය.බීජ මඟින් ප්රචාරණය සිදු කරන්නේ නම් මව් ශාකයට වෙනස් ශාක ලැබීමට ඉඩකඩ ඇත.අලිංගික ප්රචාරණයට අනුව සිදු කරන්නේ නම් මව් ශාකයට සමාන වූ ශාක 
පරපුරක් ලබා ගත හැකිය.


ඇන්තූරියම් ප්‍රචාරණය

  • ඇන්තූරියම් වර්ධක ප්රචාරණය

වර්ධක ප්රචාරණය සඳහා කඳ කැබළි ,මොටෙයියන් හෝ අංකුර වැනි වර්ධක කොටස් භාවිතා කළ හැකිය.හොඳින් මේරූ පත් නැති උස් වූ කඳන් සහිත කදෙහි මුල් පිහිටා ඇති ඇන්තූරියම් ශාකයක අග කොටස මුල් කිහිපයක් සහිතව ගෙන වෙනම පැළයක් සේ නැවත සියුවිය හැකිය.ඉතිරි වූ කඳ ගෙන හොඳින් පිරිසිදු කරඅංකුර 2 ක් පමණ සිටින සේ කැබළිවලට වෙන් කර ගත යුතුය.ඉන් පසු වගා මාධ් සේ කොළ පොහොර කොටස් 1 ක් හා වැලි කොටස් 1 ක්සේ මිශ්රණය සකසා ගත යුතුය.අඟල් 4 ක් සේ ගණකමට මිශ්රණය සිටින සේ පාත්තියක හෝ බඳුනක හෝ මිශ්රණය යොදා එහි හරස් අතට දඬු කැබළි තබා ඒවාවැසෙන සේ කොහු බත් දැමිය යුතුය. සමම අවස්ථාවලදී කපන ස්ථාන වසා දැමීම සඳහා වෙළදසැලේ ඇති ශාකවල කැපුම් සහ තුවාල වසා දැමීමට ගන්නා ආලේපන භාවිතා කළ හැකිය.මෙසේ නොකළහොත් එම කැපුම් මඟින් ක්ෂුද් ජීවීන් ඇතුලු වී එම කොටස් විනාශ වීම සිදු විය හැකිය.බැක්ටීරියා දිලීර,ප්රොටසෝවා වැනි ක්ෂුද් ජීවීන්ට සුදුසු තෙතමණය වැඩි පෙදෙසක් නිසා මෙම ජීවීන්ගේ ආක්රමණය ශාකවවලට බලපෑ හැකිය. ඉහත සදහන් කළ ආකාරයට සැකසු දඩු කැබළිවල අංකුර අඟල් 4-5 ක් පමඛ උස් වූ විට පාත්තිවල සිටුවීමට ගත හැකිය.මේ ආකාරයෙන් ලබා ගත් පැළෑටිවලට මාස 6 ක් පමණකල් ගත වූ පසු ඇන්තූරියම් මල් පිපීම ආරම්භ වේ.

එමෙන්ම ශාකයක් සිටුවා කලක් ගත වූ පසු එහි කඳ මුලින් ප්රරෝහ මතු වේ. ඒවායේ මුල් හටගත් පසු මව් ශාකයෙන් ප්රවේශම් සහිතව වෙක් කර වගා බිමෙහි සිටුවිය යුතුය.මේවාමව් ශාකයෙන් වෙන් කළ පසු එම කඳෙහි,ශාකයන්ගේ තුවාලවලට ආලේප කරන ආලේපයක් ආලේප කළ යුතුය.මෙම මව් පැළයක් සිටුවීම වැඩුණු ශාකයක් බඳුනකින් ගලවා නැවත සිටුවීමට සමානය.ප්රරෝහයක් මව් ශාකයකින්වෙන් කළ යුත්තේ පත් දෙකක් හෝ තුනක් වර්ධනය වූ පසුවය.

  • බීජ මඟින් ඇන්තූරියම් ප්‍රචාරණය

ඇන්තූරියම් බීජ මඟින් පැළ සකස් කිරීමට නම් මල් පරාගනය කළ යුතුය.මේ සඳහා මල් තෝරා ගැනීමේදී ඉතාම අලංකාර වර්ණයෙන් හා පෘෂ්ටයෙන් යුත් ජදශුකිය කොළපුව දෙසට නැඹුරු වූ මධ්යම ප්රමාණයෙන් සැකසෙන නටුව හොඳින් දික් වූ මල් නිපදවන ශාක තෝරා ගත යුතුය. පරාගනය සඳහා මල් තෝරා ගැනිමේදී පරාග ගැනීම සඳහා තරමක් දුරට මේරූ මලක්ද මව් ශාකය ලෙස දිනයක් හෝ දෙකක් පමණ වයසැති අලුත් මලක්ද වයාදා ගත යුතුය.ඩිම්බ පරිණත වු මලක ජදශුකිය තරමක් ඇලෙන සුළුය.පරාග ඇත්තේ වයසින් වැඩි මල්වලය.

  • පරාගනය කිරීම

ඉතාම සිනිදු සිහින් කෙදි ඇති බුරුසුවක් ගෙන පරාග මෝරන ලද මලේ ජදශුකියේ අතුල්ලා ඉන් පසුව එම බුරුසුව ඩිම්බ මෝරන ලද මලේ ඇතිල්ලිය යුතුය. මේ ආකාරයෙන් දිනකට එක් වරක් හෝ දෙවරක් බැගින් දින තුනක් වැනි කාලයක් ක්රමවත්ව කළ යුතුය. ඉන් පසුව පරාගනය කළ මල හදුනා ගැනීම සඳහාත් පරාගනය කළ මල ජලයෙන් සේදී යාම වැලැක්වීම සඳහාත් සිදුරු විදින ලද පොලිතීන් වැස්මකින් මල වසා තැබිය යුතුය. මේ සඳහා යොදා ගන්නාපොලිතීන් කවරය තුළ තෙතමණය රැදී ඇත්නම් ඒවා ඉවත්වීම සඳහා සිදුරු කරනු
ලබන අතර මල වියලිව තිබෙන විටදී එය දිලීර වැනි ක්ෂුද් ජීවීන් ඇතිවීම වලක්වා ගැනේ. මේ ආකාරයට පරාගනය කළ පසුව එය සාර්ථක නම් ටික දිනකින් ජදශුකිය ක්රමක්රමයෙන් කොළ පැහැයට හුරු පැහැයක් ගනී.ක්රමයෙන් මහත් වී පරාගනය සාර්ථක වූ ස්ථානවල කොළ පැහැ ගැටිති වැනි දෙයක් හට ගෙන ඇති බව දැකිය හැකිය.මෙය ඇන්තූරියම් මලෙන් ඇති වන ඵලයක් ලෙස හැඳින්විය හැකිය.

මෙම ඵල හොඳින් රක්ත වර්ණ වී පැසුණු විට එම ඵල නෙලා එහි මැද ඇති බීජ ලබා ගැනීමට බීජය වටා ඇති පටලය මිරිකා ඉවත් කර ජලයෙන් සෝදා ගත යුතුය.ඉන් පසු එම බීජ කොන්ඩිස් වතුරෙන් සෝදා ජීවානුහරණය කළ යුතුය.එවිට එම බීජ වැපිරීමට සුදුසු තත්වයට පත්ව ඇත.
බීජ ප්රරෝහණය කිරීම
වැලි කොටස් 1 ක් හා කොම්පෝස්ට් කොටස් 1ක් කුඩාවට කැබලි කර ගත් ගඩොල් කැබලි ගෙන මිශ්රණය ලෙස ගෙන තරමක විශාල සිදුරක් විද ගත් බඳුනක් ගෙන එහි අඩියට ලඩොල් කැට කැබලි දමා මිශ්රණයඉවතට යාම වැලැක්විය යතුය.ඉන් පසු එයට මිශ්රණය දමා එම බඳුනේ මතුපිට කුඩා ගඩොල් කැබලි වැඩි ප්රමාණයක් ඇතිරෙන සේ සකසා ගත යුතුය. ඉන් පසු බීජ එහි වැපිරිය යුතුය.එම බඳුන ජලය දැමූ ප්ලාස්ටික් බඳුනක් තුළ තැබිය යුතුය. එහි ජල මට්ටම බීජ සහිත බඳුන තුළ ඇති මිශ්රණයට වඩා පහත මට්ටමක තිබිය යුතුය.එවිට ජල බඳුනේ ඇති ජලය බීජ සහිත බඳුනේ සිදුර තුළින් ගමන් කර මිශ්රණයේ තෙතමනය පවත්වා ගැනීම සිදු කරයි.එම බීජ සහිත බදුන විනිවිධ පෙනෙන වීදුරු කැබැල්ලකින් හෝ පොළිතින් කොළයකින් හොඳින් වැසෙන සේ සකස් කළ යුතුය.ඉන් පසු එය සෙවණැති ස්ථානයක තැබිය යුතුය.සති කීපයකින් බීජවලින් මුල් හට ගැනීම ආරම්භ වේ.පැළ වීදුරුවේ හෝ පොළිතීන් කොළයේ ගෑවේ නම් එය ඉවත් කළ යුතුය.පැළ අඟල් 3 ක් පමණ වැඩුණු පසු වෙකත් පොළිතීන් බඳුන්වල සිටුවිය යුතුය.මේ සඳහා ක්ෂේත් මාධ්යම යොදා ගත හැකිය.මෙසේ බඳුන්වල අඟල් 9 ක් පමණ වනතෙක් වැඩෙන සේ තැබිය හැකිය.මෙම පැළෑටි අඟල් 6-9 දක්වා වැඩී ඇති කාලවලදී ක්ෂේත්රයේ සිටුවිය යුතුය.බඳුන්වල අඟල් 9 ක් පමණ වන තෙක් පැළ වැඩුන විට ඇතැම් ඇන්තූරියම් ශාකවල මල් පිපීම ආරම්භ වේ.

පටක රෝපණය
මේ සඳහා ඉතා කුඩා ශාක කොටස් භාවිතා කර ජීවානුහරන තත්ව යටතේ විෂේෂ මාධ්යක අති වශාල පැළ සංඛ්යවක් ලබා ගැනීම පඨක රෝපණයේදී සිදු වේ.මේ සඳහා ශාකයේ ඕනෑම කොටසක් භාවිතා කළ හැකිය.භාවිතා කරන කොටස නොමේරූ අවධියේ පැවතිය යුතුය. මෙ පැළ ක්රමානුකූලව ක්ශේත්රයට හුරු කරවා ගත යුතුය

eන්තුරියම් පැල  රෝග සහ පිලියම්  පිලිබඳ   ඊලඟ  ලිපි කියවන්න  ඔබේ අවශ්යතා අපිට පහතින් කොමෙන්ට් කරන්න…… අeන්තුරියම් පිළිබඳ අනික් ලිපි පහත ලින්ක් එකෙන් බලන්න

4 comments:

  1. වැදගත් ලිපියක්. .. බොහොම ස්තුතියි

    ReplyDelete
  2. චන්දන විජේගුණසේකර

    ReplyDelete
  3. Bankok anthuriyam pala ganna pyluwan thank kiynna puluwanda

    ReplyDelete
  4. ඇන්තුරියම් පැල බෝ කරගන්න හරි ලේසියි .....ඇන්තූරියම් ප්‍රචාරණ ක්‍රමය ~ වගතුග Lanka >>>>> Download Now

    >>>>> Download Full

    ඇන්තුරියම් පැල බෝ කරගන්න හරි ලේසියි .....ඇන්තූරියම් ප්‍රචාරණ ක්‍රමය ~ වගතුග Lanka >>>>> Download LINK

    >>>>> Download Now

    ඇන්තුරියම් පැල බෝ කරගන්න හරි ලේසියි .....ඇන්තූරියම් ප්‍රචාරණ ක්‍රමය ~ වගතුග Lanka >>>>> Download Full

    >>>>> Download LINK

    ReplyDelete