ලෝකය ගැන

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

වටිනා මෘදුකාංග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න

ඔබට අවශ්‍ය මෘදුකාංග නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.... වගතුග බ්ලොගය භාවිතා කරන ඔබට අවස්ථාව

This is default featured slide 3 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 4 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

This is default featured slide 5 title

Go to Blogger edit html and find these sentences.Now replace these sentences with your own descriptions.

Saturday, February 17, 2018

ඇන්තූරියම් වගාවට වින කරන පළිබෝධ හා පළිබෝධ වගාවට වැළදෙන රෝග හා මර්ධනය

ඇන්තූරියම් වගාවට වින කරන පළිබෝධ හා පළිබෝධ වගාවට වැළදෙන රෝග හා මර්ධනය



අද  මං අරන් ආවේ  ඇන්තූරියම්  වගාවට සම්බන්ධ වෙලා  ඉන්න ඔයාලට ගොඩක් වැදගත්  ලිපියක්   මේක උපුටා ගත්තේ විකිපීඩියා එකෙන් ඒ අරන් ටිකක් එහෙට මෙහෙට කෑලි දාලා ඔන්න ඔයාලට දෙනවා  බලන්නකෝ හොදද කියලා

වගාවට වින කරන පළිබෝධ

  • මයිටන්
  • කොරපොතු කුරුමිණියා
  • ගොළුබෙල්ලන්
  • හංගොල්ලන්
  • වේයන්
  • යුෂ උරා බොන මකුණන්




වගාවට වැළදෙන රෝග හා මර්ධනය

ඇන්තූරියම් වගාවට වැළදෙන රෝග අතර දිලීර රෝග වැදගත්ය.වගා මාධ්‍යයේ ජලය බැස යාම නිසියාකාරව සිදු නොවීම හා තෙතමණය මත ඇතිවන දිලීර පත්‍රයේ ගොබය හෝ පත්‍ර සවි වන ස්ථානවලට හානි කිරීම නිසා එම ප්‍රදේශය කුණු වීමට ලක් වේ.මෙය ගොබය කුණුවීමේ රෝගය ලෙස හඳුන්වයි.තෙතමනය ඇති කාලවලදී දිලීර නිසා ඇන්තූරියම් මලේ ජදශුකියේ පාදය දක්වා කුණු වී හැලී යාම සිදු වේ. ඇතැම් අවස්ථාවලදී දුඹුරු පැහැයෙන් හට ගන්නා කුඩා ලප ක්‍රමයෙන් විශාල වී පත්‍රවල වැඩි ප්‍රදේශයක් වසා ගනී.මෙවැනි දුඹුරු පැහැ ගත් ප්‍රදේශ වියලී ගොස් සිදුරු වීම කලක් ගත වූ පසු සිදු වේ.මේ සඳහා වෙළදපොලේ ඇති දිලීර නාශක භාවිතා කළ හැකිය. වැසි සහිත කාලවලදී ජලය හොඳින් බැස යාම දිලීර අඩු කිරීමට හේතු වේ.


ඇන්තූරියම්  වර්ග 









Thursday, February 8, 2018

AVAST VIRUS GUARD 2038 වෙනකම් ඇක්ටිවේට් කරගන්න

2018 AVAST VIRUS GUARD ACTIVATE TO 2038 

වෙනකම් ඇක්ටිවේට් කරගන්න 

FREE DOWNLOAD

ඔබට අලුත් සතුටු හිතෙන ආරංචියක් අරගෙන මං අද ආවේ .......... ඔයත් වයිරස් ගාර්ඩ් 10-15 දාගෙන ඇක්ටිව් කරගන්න  බැරිව  දුක් වින්ද කෙනෙක්ද .... එහෙනම්  මෙන්න AVAST ANTIVIRUS GUARD 2038 වෙනකම් ගේමක් නැතිව ACTIVE කරගන්න CRACK එක  මෙන්න භාණ්ඩේ .... ලංකාවේ අපි කවද්ද ORIGINEL  ඒවා පාවිච්චි කරේ ... ඔන්න පහල 2018 AVAST VIRUS GUARD ගාර්ඩ් එකයි   2038 වෙනකන් ඇක්ටි කරන CRACK  එකයි  FREE DOWNLOAD  කරන්න ....මෙතනින්






Wednesday, February 7, 2018

ඇන්තුරියම් පැල බෝ කරගන්න හරි ලේසියි .....ඇන්තූරියම් ප්‍රචාරණ ක්‍රමය

                                       ඇන්තූරියම් ප්රචාරණය                
ඇන්තූරියම් ප්රචාරණය ලිංගික ක්රම හෝ අලිංගික ක්රම මගින් සිදු කළ හැකිය.බීජ මඟින් ප්රචාරණය සිදු කරන්නේ නම් මව් ශාකයට වෙනස් ශාක ලැබීමට ඉඩකඩ ඇත.අලිංගික ප්රචාරණයට අනුව සිදු කරන්නේ නම් මව් ශාකයට සමාන වූ ශාක 
පරපුරක් ලබා ගත හැකිය.


ඇන්තූරියම් ප්‍රචාරණය

  • ඇන්තූරියම් වර්ධක ප්රචාරණය

වර්ධක ප්රචාරණය සඳහා කඳ කැබළි ,මොටෙයියන් හෝ අංකුර වැනි වර්ධක කොටස් භාවිතා කළ හැකිය.හොඳින් මේරූ පත් නැති උස් වූ කඳන් සහිත කදෙහි මුල් පිහිටා ඇති ඇන්තූරියම් ශාකයක අග කොටස මුල් කිහිපයක් සහිතව ගෙන වෙනම පැළයක් සේ නැවත සියුවිය හැකිය.ඉතිරි වූ කඳ ගෙන හොඳින් පිරිසිදු කරඅංකුර 2 ක් පමණ සිටින සේ කැබළිවලට වෙන් කර ගත යුතුය.ඉන් පසු වගා මාධ් සේ කොළ පොහොර කොටස් 1 ක් හා වැලි කොටස් 1 ක්සේ මිශ්රණය සකසා ගත යුතුය.අඟල් 4 ක් සේ ගණකමට මිශ්රණය සිටින සේ පාත්තියක හෝ බඳුනක හෝ මිශ්රණය යොදා එහි හරස් අතට දඬු කැබළි තබා ඒවාවැසෙන සේ කොහු බත් දැමිය යුතුය. සමම අවස්ථාවලදී කපන ස්ථාන වසා දැමීම සඳහා වෙළදසැලේ ඇති ශාකවල කැපුම් සහ තුවාල වසා දැමීමට ගන්නා ආලේපන භාවිතා කළ හැකිය.මෙසේ නොකළහොත් එම කැපුම් මඟින් ක්ෂුද් ජීවීන් ඇතුලු වී එම කොටස් විනාශ වීම සිදු විය හැකිය.බැක්ටීරියා දිලීර,ප්රොටසෝවා වැනි ක්ෂුද් ජීවීන්ට සුදුසු තෙතමණය වැඩි පෙදෙසක් නිසා මෙම ජීවීන්ගේ ආක්රමණය ශාකවවලට බලපෑ හැකිය. ඉහත සදහන් කළ ආකාරයට සැකසු දඩු කැබළිවල අංකුර අඟල් 4-5 ක් පමඛ උස් වූ විට පාත්තිවල සිටුවීමට ගත හැකිය.මේ ආකාරයෙන් ලබා ගත් පැළෑටිවලට මාස 6 ක් පමණකල් ගත වූ පසු ඇන්තූරියම් මල් පිපීම ආරම්භ වේ.

එමෙන්ම ශාකයක් සිටුවා කලක් ගත වූ පසු එහි කඳ මුලින් ප්රරෝහ මතු වේ. ඒවායේ මුල් හටගත් පසු මව් ශාකයෙන් ප්රවේශම් සහිතව වෙක් කර වගා බිමෙහි සිටුවිය යුතුය.මේවාමව් ශාකයෙන් වෙන් කළ පසු එම කඳෙහි,ශාකයන්ගේ තුවාලවලට ආලේප කරන ආලේපයක් ආලේප කළ යුතුය.මෙම මව් පැළයක් සිටුවීම වැඩුණු ශාකයක් බඳුනකින් ගලවා නැවත සිටුවීමට සමානය.ප්රරෝහයක් මව් ශාකයකින්වෙන් කළ යුත්තේ පත් දෙකක් හෝ තුනක් වර්ධනය වූ පසුවය.

  • බීජ මඟින් ඇන්තූරියම් ප්‍රචාරණය

ඇන්තූරියම් බීජ මඟින් පැළ සකස් කිරීමට නම් මල් පරාගනය කළ යුතුය.මේ සඳහා මල් තෝරා ගැනීමේදී ඉතාම අලංකාර වර්ණයෙන් හා පෘෂ්ටයෙන් යුත් ජදශුකිය කොළපුව දෙසට නැඹුරු වූ මධ්යම ප්රමාණයෙන් සැකසෙන නටුව හොඳින් දික් වූ මල් නිපදවන ශාක තෝරා ගත යුතුය. පරාගනය සඳහා මල් තෝරා ගැනිමේදී පරාග ගැනීම සඳහා තරමක් දුරට මේරූ මලක්ද මව් ශාකය ලෙස දිනයක් හෝ දෙකක් පමණ වයසැති අලුත් මලක්ද වයාදා ගත යුතුය.ඩිම්බ පරිණත වු මලක ජදශුකිය තරමක් ඇලෙන සුළුය.පරාග ඇත්තේ වයසින් වැඩි මල්වලය.

  • පරාගනය කිරීම

ඉතාම සිනිදු සිහින් කෙදි ඇති බුරුසුවක් ගෙන පරාග මෝරන ලද මලේ ජදශුකියේ අතුල්ලා ඉන් පසුව එම බුරුසුව ඩිම්බ මෝරන ලද මලේ ඇතිල්ලිය යුතුය. මේ ආකාරයෙන් දිනකට එක් වරක් හෝ දෙවරක් බැගින් දින තුනක් වැනි කාලයක් ක්රමවත්ව කළ යුතුය. ඉන් පසුව පරාගනය කළ මල හදුනා ගැනීම සඳහාත් පරාගනය කළ මල ජලයෙන් සේදී යාම වැලැක්වීම සඳහාත් සිදුරු විදින ලද පොලිතීන් වැස්මකින් මල වසා තැබිය යුතුය. මේ සඳහා යොදා ගන්නාපොලිතීන් කවරය තුළ තෙතමණය රැදී ඇත්නම් ඒවා ඉවත්වීම සඳහා සිදුරු කරනු
ලබන අතර මල වියලිව තිබෙන විටදී එය දිලීර වැනි ක්ෂුද් ජීවීන් ඇතිවීම වලක්වා ගැනේ. මේ ආකාරයට පරාගනය කළ පසුව එය සාර්ථක නම් ටික දිනකින් ජදශුකිය ක්රමක්රමයෙන් කොළ පැහැයට හුරු පැහැයක් ගනී.ක්රමයෙන් මහත් වී පරාගනය සාර්ථක වූ ස්ථානවල කොළ පැහැ ගැටිති වැනි දෙයක් හට ගෙන ඇති බව දැකිය හැකිය.මෙය ඇන්තූරියම් මලෙන් ඇති වන ඵලයක් ලෙස හැඳින්විය හැකිය.

මෙම ඵල හොඳින් රක්ත වර්ණ වී පැසුණු විට එම ඵල නෙලා එහි මැද ඇති බීජ ලබා ගැනීමට බීජය වටා ඇති පටලය මිරිකා ඉවත් කර ජලයෙන් සෝදා ගත යුතුය.ඉන් පසු එම බීජ කොන්ඩිස් වතුරෙන් සෝදා ජීවානුහරණය කළ යුතුය.එවිට එම බීජ වැපිරීමට සුදුසු තත්වයට පත්ව ඇත.
බීජ ප්රරෝහණය කිරීම
වැලි කොටස් 1 ක් හා කොම්පෝස්ට් කොටස් 1ක් කුඩාවට කැබලි කර ගත් ගඩොල් කැබලි ගෙන මිශ්රණය ලෙස ගෙන තරමක විශාල සිදුරක් විද ගත් බඳුනක් ගෙන එහි අඩියට ලඩොල් කැට කැබලි දමා මිශ්රණයඉවතට යාම වැලැක්විය යතුය.ඉන් පසු එයට මිශ්රණය දමා එම බඳුනේ මතුපිට කුඩා ගඩොල් කැබලි වැඩි ප්රමාණයක් ඇතිරෙන සේ සකසා ගත යුතුය. ඉන් පසු බීජ එහි වැපිරිය යුතුය.එම බඳුන ජලය දැමූ ප්ලාස්ටික් බඳුනක් තුළ තැබිය යුතුය. එහි ජල මට්ටම බීජ සහිත බඳුන තුළ ඇති මිශ්රණයට වඩා පහත මට්ටමක තිබිය යුතුය.එවිට ජල බඳුනේ ඇති ජලය බීජ සහිත බඳුනේ සිදුර තුළින් ගමන් කර මිශ්රණයේ තෙතමනය පවත්වා ගැනීම සිදු කරයි.එම බීජ සහිත බදුන විනිවිධ පෙනෙන වීදුරු කැබැල්ලකින් හෝ පොළිතින් කොළයකින් හොඳින් වැසෙන සේ සකස් කළ යුතුය.ඉන් පසු එය සෙවණැති ස්ථානයක තැබිය යුතුය.සති කීපයකින් බීජවලින් මුල් හට ගැනීම ආරම්භ වේ.පැළ වීදුරුවේ හෝ පොළිතීන් කොළයේ ගෑවේ නම් එය ඉවත් කළ යුතුය.පැළ අඟල් 3 ක් පමණ වැඩුණු පසු වෙකත් පොළිතීන් බඳුන්වල සිටුවිය යුතුය.මේ සඳහා ක්ෂේත් මාධ්යම යොදා ගත හැකිය.මෙසේ බඳුන්වල අඟල් 9 ක් පමණ වනතෙක් වැඩෙන සේ තැබිය හැකිය.මෙම පැළෑටි අඟල් 6-9 දක්වා වැඩී ඇති කාලවලදී ක්ෂේත්රයේ සිටුවිය යුතුය.බඳුන්වල අඟල් 9 ක් පමණ වන තෙක් පැළ වැඩුන විට ඇතැම් ඇන්තූරියම් ශාකවල මල් පිපීම ආරම්භ වේ.

පටක රෝපණය
මේ සඳහා ඉතා කුඩා ශාක කොටස් භාවිතා කර ජීවානුහරන තත්ව යටතේ විෂේෂ මාධ්යක අති වශාල පැළ සංඛ්යවක් ලබා ගැනීම පඨක රෝපණයේදී සිදු වේ.මේ සඳහා ශාකයේ ඕනෑම කොටසක් භාවිතා කළ හැකිය.භාවිතා කරන කොටස නොමේරූ අවධියේ පැවතිය යුතුය. මෙ පැළ ක්රමානුකූලව ක්ශේත්රයට හුරු කරවා ගත යුතුය

eන්තුරියම් පැල  රෝග සහ පිලියම්  පිලිබඳ   ඊලඟ  ලිපි කියවන්න  ඔබේ අවශ්යතා අපිට පහතින් කොමෙන්ට් කරන්න…… අeන්තුරියම් පිළිබඳ අනික් ලිපි පහත ලින්ක් එකෙන් බලන්න

Sunday, February 4, 2018

ධන උල්පතක් වැනි ඇන්තූරියම් 01කොටස

  • ඇන්තූරියම් ශාකය


හබරල කුලයට අයත් ගෘහාශ්‍රිතව වගා කරනු ලබන අලංකාර ශාක වර්ගයක් ලෙස ඇන්තුරියම් හැදින්විය හැකිය. මෙය සෙවණ මෙන්ම තෙතමනය ප්‍රිය කරන බහු වාර්ෂික පැළෑටියකි.වර්ණවත් මලක් හට ගන්නා මෙම ශාකය,විශාල වශයෙන් වගා කිරීමෙන් ස්වයං රැකියාවක් බවට පත් කර ගත හැක.

  • ඇන්තූරියම් පුෂ්පය


ඇන්තූරියම් පුෂ්පය මලක් ලෙසින් හැදින්වූවත් එය පුෂ්පිකා රාශියක්,ඉතා සමීප ලෙස සැකසුනු පුෂ්ප මංජරියක් හා එය වටා පිහිටි වර්ණවත් විකර්ණයක් වූ පත්‍රයකින් යුක්ත වේ.පුෂ්ප මංජරිය "ජද ශුකිය" යනුවෙන්ද විකර්ණය වූ පත්‍රය "කොළපුව" නමින්ද හැදින්වේ.මෙම පුෂ්පිකා ද්වි ලිංගික වේ.

කැපුම් මල් වගාවක් ලෙස ඇන්තූරියම්අපනයනය සඳහා ශ්‍රී ලංකාවේ වගා කරන්නා වූ කැපුම් මල් අතරින් ඇන්තූරියම් වගාවට හිමි වන්නේ විශේෂ ස්ථානයකි.මෙමඟින් ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා සැලකිය යුතු විදේශ විනිමයක් උපයා ගැනීමට හැකි වේ.අඩු ප්‍රාග්ධනයකින් මෙන්ම අඩු ශිල්පීය දැනුමකින් ඇන්තූරියම් වගා කළ හැකි අතර ඇන්තූරියම් මලක් හොද තත්වයෙන් මාසයක් පමණ කාලයක් තබා ගත හැකි වීමද ඉතා වැදගත්ය.

  • ඇන්තූරියම් වර්ග


දකුණු ඇමරිකාව නිජබිම ලෙස සලකන ඇන්තූරියම් "අරේසියේ" (Araceae) ශාක කුලයට අයත් වර්ග සමූහයකින් යුත් ශාක කාණ්ඩයකි.ඇතැම් ශාක විශේෂ අලංකාර පත්‍ර සඳහාත් ඇතැම් ශාක විශේෂ වර්ණවත් මල් සඳහාත් වගා කෙරේ.වර්ණවත් වූ පුෂ්පයන්ගෙන් යුත් වර්ගය "ඇන්තූරියම් ඇන්ඩ්‍රියානා" නමින් හදුන්වනු ලැබේ.ඇන්තූරියම් වර්ග කිහිපයක් පහත දැක්වේ.

  1. ඇන්තූරියම් මැක්නොලොබියම්
  2. ඇන්තූරියම් ඇන්ඩ්‍රියානම් කොරල් රෝස වර්ගය
  3. ඇන්තූරියම් රිගෙල්
  4. ඇන්තූරියම් බෙකරි



ඇන්තූරියම් වගාවට සුදුසු දේශගුණය
තෙත් සහිත දේශගුණයක් ඇති ප්‍රදේශවලට යෝග්‍ය මල් විශේෂයකි.මුහුදු මට්ටමේ සිට අඩි 4000 ක් පමණ උස් ප්‍රදේශ දක්වා ඇන්තූරියම් වගාවට සුදුසුය.නමුත් අධික ශීතලද එනම් ජලය මිදෙන දේශගුණය මේ සඳහා යෝග්‍ය නොවේ.ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල රතු සහ තැඹිළි පාට ඇන්තූරියම් සාර්ථක ලෙස වගා කළ හැකිය.අතර මැදි තෙත් කළාපයේ සෙවණ හොඳින් ඇති ස්ථානවල එනම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි හලාවත,දංකොටුව,ගිරිඋල්ල,නාරම්මල,මාවතගම,පලමල්කැලේ,මොණරාගල,කහවත්ත,බිබිල,බදුල්ල,බණ්ඩාරවෙල,ගාල්ල,දෙවිනුවර හා මාතර වැනි ප්‍රදේශවල හොඳින් වගා කළ හැකිය. බංගදෙණිය,වාරියපොළ,ඉබ්බාගමුව,අළුවිහාරේ,මාදුබොඩ වැනිඅතරමැදි වියළි කලාපයේ තෙතමණය හා සුළඟ වැනි දේ මඟින්,වියළීම අවම කිරීමෙන් ඇන්තූරියම් වගා කළ හැකි අතර වියළි කළාපය‍ට වඩාත් සුදුසු වන්නේ රෝස පැහැයෙන් යුත් ඇනතූරියම්ය.එයට හේතු වන්නේ රෝස ඇන්තූරියම් අඩු රැක බලාගැනීමකින්වගා කළ හැකි ඇන්තූරියම් වර්ගයක් වීමය.


  • සෙවණ සහ ජලය


මෙම වගාව සඳහා තෝරා ගන්නා ඕනෑම ස්ථානයක් සඳහා 70% ත් 75% ත් අතර සෙවණක් පැවතිය යුතුය.මේ සඳහා යෝග්‍ය වන්නේ තරමක් අදුරු ආලෝකයකි. එයට විශාල ගසකින් ලැබෙන ආලෝකය හෝ කෘතිම දැල් මඟින් ලැබෙන ආලෝකය සුදුසුය.ගස් මඟින් ආලෝකය ලබා ගැනීමේදී වර්ෂය පුරාම පත්‍ර දරන්නා වූ ගස් තෝරා ගත යුතුය.මේ සඳහා ඉතාමත්ම යෝග්‍ය අතු විහිදෙන්නා වූ ගසක් ලෙස පොල් ගස හැදින්විය හැකිය.එක් කාලයකදී පත්‍ර දරන්නා වූ ශාකයන් යට ඇන්තූරියම් වගාව නුසුදුසුය.මේ සඳහා සදාහරිත ශාකයක් වන පිහිඹියා වැනි ශාකයක් යෝග්‍ය වේ.මේ ගස් විශාල ප්‍රදේශයක් පුරා අතු විහිදුවන බැවින් වැඩි බිම් ප්‍රමාණයක් වසා ගනී.මෙවැනි ගස් අඩි 15 ක පරතරයෙන් ත්‍රිකෝණාකාරව සිටුවා 7.5 ක් පමණ වැඩුණු පසු කරටිය කපා අතු නැවීම තුළින් අතු හිදුවීම සාර්ථකව කළ හැකිය. මේ සඳහා ජෑම් ගස්ද යෝග්‍ය වේ.නමුත් අතු ඉක්මනින් දිරා වැටීම නිසා පත්‍ර හා මල්වලට හානිදායක විය හැකිය.

ඇන්තූරියම් වගාව සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයකි.ජලවහනය අසතුටුදායක නම් මූල මණ්ඩලයට හානි පැමිනෙයි.ජලය රදන භූමියක හෝ ජලය බැස යාම ප්‍රමාද භූමියක එම ස්ථානවලින් ජලය ඉවත් කිරීමට කාණු පද්ධතියක් සකස් කළ යුතු අතර පොළව මට්ටමේ සිට ඉහළට ගොඩනගන ලද පාත්තිවල පැළ සිටුවීම කළ යුතුය


ඇන්තූරියම් පැලයක්  බෝ කර ගැනීම සිටුවීම  රෝග සහ පිලියම්  පිලිබඳ   ඊලඟ  ලිපි කියවන්න..........  ඔබේ අවශ්යතා අපිට පහතින් කොමෙන්ට් කරන්න......