- ඇන්තූරියම් ශාකය
හබරල කුලයට අයත් ගෘහාශ්‍රිතව වගා කරනු
ලබන අලංකාර ශාක වර්ගයක් ලෙස ඇන්තුරියම් හැදින්විය හැකිය. මෙය සෙවණ මෙන්ම තෙතමනය ප්‍රිය
කරන බහු වාර්ෂික පැළෑටියකි.වර්ණවත් මලක් හට ගන්නා මෙම ශාකය,විශාල වශයෙන් වගා කිරීමෙන් ස්වයං රැකියාවක් බවට
පත් කර ගත හැක.
- ඇන්තූරියම් පුෂ්පය
ඇන්තූරියම් පුෂ්පය මලක් ලෙසින්
හැදින්වූවත් එය පුෂ්පිකා රාශියක්,ඉතා
සමීප ලෙස සැකසුනු පුෂ්ප මංජරියක් හා එය වටා පිහිටි වර්ණවත් විකර්ණයක් වූ පත්‍රයකින්
යුක්ත වේ.පුෂ්ප මංජරිය "ජද ශුකිය" යනුවෙන්ද විකර්ණය වූ පත්‍රය
"කොළපුව" නමින්ද හැදින්වේ.මෙම පුෂ්පිකා ද්වි ලිංගික වේ.
කැපුම් මල් වගාවක් ලෙස ඇන්තූරියම්අපනයනය
සඳහා ශ්‍රී ලංකාවේ වගා කරන්නා වූ කැපුම් මල් අතරින් ඇන්තූරියම් වගාවට හිමි වන්නේ
විශේෂ ස්ථානයකි.මෙමඟින් ශ්‍රි ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා සැලකිය යුතු විදේශ
විනිමයක් උපයා ගැනීමට හැකි වේ.අඩු ප්‍රාග්ධනයකින් මෙන්ම අඩු ශිල්පීය දැනුමකින්
ඇන්තූරියම් වගා කළ හැකි අතර ඇන්තූරියම් මලක් හොද තත්වයෙන් මාසයක් පමණ කාලයක් තබා
ගත හැකි වීමද ඉතා වැදගත්ය.
- ඇන්තූරියම් වර්ග
දකුණු ඇමරිකාව නිජබිම ලෙස සලකන
ඇන්තූරියම් "අරේසියේ" (Araceae) ශාක කුලයට අයත් වර්ග සමූහයකින් යුත් ශාක කාණ්ඩයකි.ඇතැම් ශාක විශේෂ
අලංකාර පත්‍ර සඳහාත් ඇතැම් ශාක විශේෂ වර්ණවත් මල් සඳහාත් වගා කෙරේ.වර්ණවත් වූ
පුෂ්පයන්ගෙන් යුත් වර්ගය "ඇන්තූරියම් ඇන්ඩ්‍රියානා" නමින් හදුන්වනු
ලැබේ.ඇන්තූරියම් වර්ග කිහිපයක් පහත දැක්වේ.
- ඇන්තූරියම් මැක්නොලොබියම්
- ඇන්තූරියම් ඇන්ඩ්‍රියානම් කොරල් රෝස වර්ගය
- ඇන්තූරියම් රිගෙල්
- ඇන්තූරියම් බෙකරි
ඇන්තූරියම් වගාවට සුදුසු දේශගුණය
තෙත් සහිත දේශගුණයක් ඇති ප්‍රදේශවලට
යෝග්‍ය මල් විශේෂයකි.මුහුදු මට්ටමේ සිට අඩි 4000 ක් පමණ උස් ප්‍රදේශ දක්වා ඇන්තූරියම් වගාවට සුදුසුය.නමුත් අධික
ශීතලද එනම් ජලය මිදෙන දේශගුණය මේ සඳහා යෝග්‍ය නොවේ.ශීත දේශගුණයක් සහිත ප්‍රදේශවල
රතු සහ තැඹිළි පාට ඇන්තූරියම් සාර්ථක ලෙස වගා කළ හැකිය.අතර මැදි තෙත් කළාපයේ සෙවණ
හොඳින් ඇති ස්ථානවල එනම් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි හලාවත,දංකොටුව,ගිරිඋල්ල,නාරම්මල,මාවතගම,පලමල්කැලේ,මොණරාගල,කහවත්ත,බිබිල,බදුල්ල,බණ්ඩාරවෙල,ගාල්ල,දෙවිනුවර හා මාතර වැනි ප්‍රදේශවල හොඳින් වගා කළ හැකිය. බංගදෙණිය,වාරියපොළ,ඉබ්බාගමුව,අළුවිහාරේ,මාදුබොඩ වැනිඅතරමැදි වියළි කලාපයේ තෙතමණය හා සුළඟ වැනි දේ මඟින්,වියළීම අවම කිරීමෙන් ඇන්තූරියම් වගා කළ හැකි
අතර වියළි කළාපයට වඩාත් සුදුසු වන්නේ රෝස පැහැයෙන් යුත් ඇනතූරියම්ය.එයට හේතු
වන්නේ රෝස ඇන්තූරියම් අඩු රැක බලාගැනීමකින්වගා කළ හැකි ඇන්තූරියම් වර්ගයක් වීමය.
- සෙවණ සහ ජලය
මෙම වගාව සඳහා තෝරා ගන්නා ඕනෑම
ස්ථානයක් සඳහා 70% ත් 75% ත් අතර සෙවණක් පැවතිය යුතුය.මේ සඳහා යෝග්‍ය වන්නේ තරමක් අදුරු
ආලෝකයකි. එයට විශාල ගසකින් ලැබෙන ආලෝකය හෝ කෘතිම දැල් මඟින් ලැබෙන ආලෝකය
සුදුසුය.ගස් මඟින් ආලෝකය ලබා ගැනීමේදී වර්ෂය පුරාම පත්‍ර දරන්නා වූ ගස් තෝරා ගත
යුතුය.මේ සඳහා ඉතාමත්ම යෝග්‍ය අතු විහිදෙන්නා වූ ගසක් ලෙස පොල් ගස හැදින්විය
හැකිය.එක් කාලයකදී පත්‍ර දරන්නා වූ ශාකයන් යට ඇන්තූරියම් වගාව නුසුදුසුය.මේ සඳහා
සදාහරිත ශාකයක් වන පිහිඹියා වැනි ශාකයක් යෝග්‍ය වේ.මේ ගස් විශාල ප්‍රදේශයක් පුරා
අතු විහිදුවන බැවින් වැඩි බිම් ප්‍රමාණයක් වසා ගනී.මෙවැනි ගස් අඩි 15 ක පරතරයෙන් ත්රිකෝණාකාරව සිටුවා 7.5 ක් පමණ වැඩුණු පසු කරටිය කපා අතු නැවීම තුළින්
අතු හිදුවීම සාර්ථකව කළ හැකිය. මේ සඳහා ජෑම් ගස්ද යෝග්‍ය වේ.නමුත් අතු ඉක්මනින්
දිරා වැටීම නිසා පත්‍ර හා මල්වලට හානිදායක විය හැකිය.
ඇන්තූරියම් වගාව සඳහා ජලය අත්‍යවශ්‍ය
සාධකයකි.ජලවහනය අසතුටුදායක නම් මූල මණ්ඩලයට හානි පැමිනෙයි.ජලය රදන භූමියක හෝ ජලය
බැස යාම ප්‍රමාද භූමියක එම ස්ථානවලින් ජලය ඉවත් කිරීමට කාණු පද්ධතියක් සකස් කළ
යුතු අතර පොළව මට්ටමේ සිට ඉහළට ගොඩනගන ලද පාත්තිවල පැළ සිටුවීම කළ යුතුය
0 පොස්ට් එක ගැන හිතෙන දේ ගැන පහලින් කියන්න:
Post a Comment